දකුණු ආසියා ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් ඉදිරියේදී විශේෂ වැඩපිලිවලක් ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා අයිටීඑන් ප්රවෘත්ති අංශයට කියා සිටියා.
මෙවර දකුණු ආසියා ක්‍රීඩා උළෙල ලබන සැප්තැම්බර් මාසයේ නේපාලයේදී පැවැත්වීමට නියමිතයි. ඊට මලල ක්‍රීඩා ඇතුළු විවිධ ක්‍රීඩා 27 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 දෙනෙකු සහභාගී කරවීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. රන් පදක්කම් 35 ක් සමගින් පදක්කම් 200 ක් දිනා ගැනීම මෙවර තරගාවලියේ අරමුණයි. තරගාවලියට එක්වන ක්‍රීඩා සංගම් සමගින් විශේෂ සාකච්ජාවක් ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
ධම්මික මුතුගල – ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්,
[ot-video type=”youtube” url=”https://youtu.be/uEclHEyJeBI”]