ඇමෙරිකා රජයේ වියදම් අනුමත නොවීම හේතුවෙන් එරට රාජ්ය සේවයේ වැඩකටයුතු නැවතත් අඩාල වීමේ අවදානමක් වළක්වා ගැනීමට එරට ප්රධන පක්ෂ දෙක සමත් වී තිබෙනවා.
ඒ ඇමෙරිකාවේ පාලක රිපබ්ලිකන් පක්ෂය සහ එරට ප්රධාන විපක්ෂය වන ඩිමෝක්රටික් පක්ෂය අතර එකඟතාවකින්. නිතී සම්පාදකයින් සදහන් කළේ වොෂින්ටන් නුවර දී විවෘත සාකච්ඡාවක් පක්ෂ දෙක අතර සිදු කළ බවයි. ඇමෙරිකා රජයේ ඉතිහාසයේ දීර්ඝතම අක්රීය වීම පසුගිය මාසයේ දී අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පියවර ගත්තා. මෙලෙස ඇමෙරිකා රජය තුළ දැවැන්ත අර්බුධයක් ඇති වීමට මූලික වූයේ ඇමෙරිකා, මෙක්සිකෝ දේශසීමාව ඔස්සේ පවුරක් ඉදි කිරීමට මුදල් ඉල්ලා ඇමෙරිකා ජනාධිපතිවරයා කොංග්රස් මණ්ඩලයෙන් සිදු කළ ඉල්ලීම ප්රතික්ෂේප වීමත් සමගයි. කෙසේවෙතත් දෙපාර්ශවයේම මහජන නියෝජිතයින් එවැනි රාජ්ය අක්රිය වීමේ තත්වයන් ඉදිරියේ දී වැළැක්වීම සදහා ප්රතිපත්තීමය එකගතාවකට පැමිණ ඇති බවයි ඇමෙරිකා වාර්තා වැඩිදුරටත් සදහන් කරන්නේ.