මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරුණා.
රුපියල් මිලියන 1536 ක ආයෝජනයකින් ක්‍රියාත්මක කළ දෙවන අදියරට නිවාස ඒකක 384 ක් ඇතුළත්. කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත ප්‍රදේශ සුහුරු නාගරික ප්‍රදේශ බවට පත්කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කෙරුණා. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් පරිදියි නාගරික සංවර්ධන අධිකාරිය මෙය ක්‍රියාත්මක කළේ. මහල් 11 කින් සමන්විත නිවාස ව්‍යාපෘතිය තුළින් පවුල් රැසකටම සෙත සැලසෙනවා. සියලු පහසුකම්වලින් සමන්විතවයි නිවාස ඉදිකර තිබෙන්නේ. ලක්හිරු සෙවන නිවාස ව්‍යාපෘතියේ පළමු අදියරේදී නිවාස ඒකක 192 ක් ජනතා අයිතියට පත් කෙරුණා. කැලණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමේ දී නිවාස අහිමිවූ දෙමටගොඩ හා නාරහේන්පිට දුම්රිය මාර්ගය දෙපස පදිංචිව සිටි ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකළා. නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් වසර 2020 වනවිට නිවාස ඒකක විසිදහසක් ලබාදීමට සැළසුම්කර තිබෙනවා.