Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික පාසල් අවුරුදු 14 න් පහළ පාපන්දු බාලිකා ශුරතාව බැඳිවැව මහා විද්‍යාලයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 09:21

ජාතික පාසල් අවුරුදු 14 න් පහළ පාපන්දු බාලිකා ශුරතාව බැඳිවැව මහා විද්‍යාලයට

ජාතික පාසල් වයස අවුරුදු 14 න් පහළ පාපන්දු තරගාවලියේ බාලිකා ශුරතාව දිනා ගැනිමට පොළොන්නරුව බැඳිවැව මහා විද්‍යාල කණ්ඩායම සමත් වුණා.

බාලක ශුරතාව දිනා ගත්තේ කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායමයි. කොළඹ රිඩ් මාවත ක්‍රීඩාපිටියේ පැවති තරගාවලියට කණ්ඩායම් 150ක් එක්ව සිටියා. එහි බාලිකා අවසන් මහා තරගය පැවැත්වුණේ පොළොන්නරුව බැදිවැව මධ්‍ය මහා විද්‍යාලය හා පොල්ගහවෙල පරාක්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම් අතරයි. ජයග්‍රහණය දඩුවම් පහර මගින් තීරණය වු තරගයේ ගෝල 10ට 09ක් ලෙස ශුරතාව හිමි කර ගැනිමට බැදිවැව මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම සමත් වුනා. තරගාවලියේ බාලක අවසන් මහා තරගය පැවැත්වුණේ යාපනය හෙන්ද්‍රික් විද්‍යාලය හා කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම් අතරයි. එහිදි ගෝල 02ට බින්දුවක් ලෙස ශුරතාව හිමි කර ගැනිමට කළුතර මුස්ලිම් විද්‍යාලීය කණ්ඩායම සමත් වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 09:21
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්