දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා රුසියාවේ මොස්කව් සහ සෙන්පීටර්ස්බර්ග් නගරවල විරෝධතා පැවැත්වුණා.
රුසියාවේ නිවාස අඩස්සියේ පසුවන දේශපාලන ක්රියාකාරිනියකගේ දියණියක මියයාම මුල්කරගෙනයි මෙම විරෝධතා ආරම්භ කර තිබෙන්නේ. රුසියා රජයට විරෝධය පළ කරමින් විශාල පිරිසක් මේ සදහා එක්ව සිටියා. විරෝධතාකරුවන් හා පොලීසිය අතර ගැටුම් ද හට ගැනුනා. එහිදී විරෝධතාකරුවන් හත් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වුණා.