ඉරාකයේදී අයිඑස් ත්රස්තවාදීන් සමඟ සම්බන්ධව කටයුතු කළ රුසියා ජාතික කාන්තාවන් 27 දෙනෙකුගේ දරුවන් යළි රුසියාවට පැමිණ තිබෙනවා.
බැග්ඩෑඩ් සිට ඔවුන් යළි පැමිණ ඇති බවයි රුසියා විදේශ අමාත්‍යංශය සඳහන් කරන්නේ. පසුගිය දෙසැම්බර් මාසයේදී ද මෙවැනි දරුවන් 31 දෙනෙකු රුසියාවට පිටත් කර හැරීමට පියවර ගත්තා. ඔවුන්ගේ භාරකාරත්වය සහ සුබසාධනය සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු ඉදිරියේදී සිදුකරන බවයි රුසියා රජය සඳහන් කළේ.