අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමිය ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ සිංහල ක්‍රීඩා සමාජ කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 03 ක තියුණු ජයක් වාර්තා කිරීමට චිලව් මේරියන්ස් කණ්ඩායම සමත්වුණා.
පී සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සිංහල ක්‍රීඩා සමාජ කණ්ඩායම සියළුදෙනා දැවී ලකුණු 374 ක් ලබා ගැනීමට සමත්වුණා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ චිලව් මේරියන්ස් කණ්ඩායම සියළුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 274 ක් පමණයි. ලකුණු 100 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ සිංහල ක්‍රීඩා සමාජ කණ්ඩායම කඩුලු 09 ක් දැවී ලකුණු 265 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. මේ අනුව ලකුණු 366 ක ජයග්‍රාහී ඉලක්කයක් චිලව් මේරියන්ස් කණ්ඩායමට හිමිවුණා. එය හඹාගිය ඔවුන් කඩුලු 07 ක් දැවී ලකුණු 368 ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළා.