මන්නාරම සමූහ මිනී වලේ කැණීම් පිළිබඳ කාලනීර්ණ වාර්තාව ලබන බ්‍රහස්පතින්දා ලැබෙනු ඇතැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. වාර්තාව ලබාගැනීම සඳහා අස්ථි කොටස් ඇමරිකාවට යැවීමටයි පියවර ගත්තේ.
සිදුකළ කැණීම්වලින් මේ වනවිට මිනිස් සිරුරු 315ක අස්ථි කොටස් හමුව තිබෙනවා. ඉන් 307ක කොටස් මන්නාරම මහේ්ස්ත්රාත් අධිකරණයේ තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කුඩා ළමුන්ගේ බවට සැකකෙරෙන අස්ථි කොටස් 26ක් ද ඊට අයත්. සමූහ මිනී වලේ කැණීම් කටයුතු අද ආරම්භ වුණේ 142වන දිනටයි.