මාකදුරේ මධූෂ්ගේ ඩුබායි සාදයේ සිට පැන ගිය ප්රබල පාතාල කල්ලි සාමාජිකයකු වන මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කාත් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සම්බන්ධයෙන් පොලිිසිය මේ වනවිට ඩුබායි අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ.
මේ අතර මාකදුරේ මධූෂ් සමඟ සමීප සබඳතා පැවැත්වූ කිහිපදෙනෙකුම මෙරටදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අකුරැස්ස, තෙලිජ්ජවිල තල්ගස්වත්ත ප්රදේශයේ පදිංචි හෙට්ටිආරච්චිගේ අසේළ එරංග හෙවත් ගෙසා ඊයේ අත්අඩංගුවට ගත්තේ ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 20ක් ද සමඟින්. මධූෂ්ගේ ප්රබල සහයෙකු වන අන්දරවත්තේ චාමර ග්රෑන්ඩ්පාස් ප්රදේශයේදී පොලිිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමක දි අත්අඩංගුවට ගෙන තිබෙනවා.