දරුවෙක් ඇතිවීමේ දී දරුවාගේ රුධිර ඝනය(blood group) මවුපියන් මත පදනම් වෙනවා. ඒ අනුව තමයි ඔබට ඒ රුධිර ඝනය( A blood group), බී රුධිර ඝනය ( B blood group), ඒ බී රුධිර ඝනය ( AB blood group) හා ඕ රුධිර ඝනය ( O blood group) කියන ඒවා ලැබන්නේ. කෙසේ වෙතත් ඔබ සමහර විට දැකලා ඇති ඔබේ රුධිර ඝනයට ඉහලින් පොසිටිව් හෝ නෙගටිව් කියලා සඳහන් වෙනවා. ඒ අනුව අපිට ප්‍රධාන වශයෙන් රුධිර වර්ග 8ක් හඳුනා ගත් හැකි වෙනවා…
O+
ලොව පුද්ගලයන් 100ක ගෙන් 37කගේ රුධිර වර්ගය O+ වේ.
O+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබාගත හැකි රුධිර වර්ග: O+ O-
O+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කළ හැක්කේ O+ A+ B+ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.
O-
ලොව පුද්ගලයන් 100ක ගෙන් 6කගේ රුධිර වර්ගය O- වේ.
O- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි වන්නේ O- රුධිර වර්ගය පමණි.එනම් අවාසනාවන්තම රුධිර වර්ගය මෙම ලේ වර්ගය වේ.
O- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට අනෙක් සියලුම රුධිර වර්ග සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කළ හැකිය.(සර්ව දායකයා).
A+
ලොව පුද්ගලයන් 100ක ගෙන් 34කගේ රුධිර වර්ගය A+ වේ.
A+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබාගත හැකි රුධිර වර්ග: A+ A- O+ O-
A+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කළ හැක්කේ A+ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.
A-
ලොව පුද්ගලයන් 100ක ගෙන් 6කගේ රුධිර වර්ගය A- වේ.
A- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබාගත හැකි රුධිර වර්ග: A- O-
A- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කළ හැක්කේ A+ A- AB+ AB- රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.
B+
ලොව පුද්ගලයන් 100ක ගෙන් 10කගේ රුධිර වර්ගය B+ වේ.
B+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබාගත හැකි රුධිර වර්ග: B+ B- O+ O-
B+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කළ හැක්කේ B+ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.
B-
ලොව පුද්ගලයන් 100ක ගෙන් 2 කගේ රුධිර වර්ගය B- වේ.
B- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබා ගත හැකි රුධිර වර්ග: B- O-
B- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කල හැක්කේ B+ B- AB+ AB- රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.
AB+
ලොව පුද්ගලයන් 100ක ගෙන් 4කගේ රුධිර වර්ගය AB+ වේ.
AB+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට අනෙක් සියලුම රුධිර වර්ග ලබාගත හැකිය(සර්ව ප්‍රතිග්‍රාහකයා).එනම් වාසනාවන්තම රුධිර වර්ගය වේ.
AB+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කල හැක්කේ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ට පමණි.
AB-
ලොව පුද්ගලයන් 100කගෙන් එක් පුද්ගලයෙකුගේ රුධිර වර්ගය AB- වේ.
AB- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට ලබාගත හැකි රුධිර වර්ග: AB- A- B- O-
AB- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කල හැක්කේ AB+ AB- රුධිර වර්ග සහිත පුද්ගලයන්ටයි.