පාකිස්තාන හිටපු අග්රාමාත්ය නවාෂ් ෂරීෆ් විදේශගතවීම තහනම් ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස කළ ඉල්ලීම එරට රජය ප්රතික්ෂේප කර තිබෙනවා.
හිටපු අග්රාමාත්යවරයා සහ ඔහුගේ දියණිය , බෑනා රටින් පිටව යාම තහනම් ලැයිස්තුවට එක් කෙරුණේ පසුගිය වසරේ දීයි. ඔවුන් සිදුකළ මහා පරිමාණ වංචා දූෂණ ඔප්පු වීමත් සමඟ මෙසේ රටින් පිටව යාම තහනම් කෙරුණා. පකිස්තාන වර්තමාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් ගෙන යන වංචා දුෂණ හා ත්රස්තවාදය මැඩ පැවැත්වීමේ වැඩසටහන යටතේයි ඔවුන්ගේ වංචා දූෂණ හෙළිකර ගැනුණේ.