වව්නියාව ප්රදේශයේ දී සය හැවිරිදි පිරිමි දරුවෙකු ළිදකට වැටී මිය ගොස් තිබෙනවා.
වව්නියාව, පාවක්කුලම ප්රදේශයේ ඥාතී නිවසක පැවති දානමය පිංකමකට සහභාගිවීම සදහා පැමිණ සිටියදීයි දරුවා මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවී ඇත්තේ.
මෙසේ මියගොස් ඇත්තේ සුන්දරපුරම් ප්රදේශයේ පදිංචි දරුවෙකු බව පොලීසිය පවසනවා. දරුවාගේ සිරුර යාබද ගෙවත්තක ළිදක තිබී සොයා ගැණුනා. මේ සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.