Life+News The Official News Portal of Independent Television Network Ltd

කණිෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 16:13

කණිෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ

කණිෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස රංජිත් මධුරසිංහ මහතා පත්කර තිබෙනවා. එම තේරීම් කමිටුවේ හා සුගතදාය ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ නිලධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතින් සිදුවුණා.

වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සිට අනෙකුත් ක්‍රිකට් කණ්ඩායම් තේරීමේ වගකීම පැවරෙන්නේ කනිෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටුවටයි. එය වඩාත් හොදින් ක්‍රියාත්මකවීම ජාතික ක්‍රිකට් කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයින් යොමුකිරීමට හේතුවක් වනවා. මේ හේතුවෙන් වයස අවුරුදු 17 න් හා 19 න් පහළ කණ්ඩායම් සදහා ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබාදීම සිදුවනවා. එම කණ්ඩායම් තේරීම සදහා කණිෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස රංජිත් මධුරසිංහ මහතා පත්කිරීමටයි පියවර ගෙන ඇත්තේ. එහි සෙසු සාමාජිකයින් වන්නේ රන්ජන් පරනවිතාන,  ගජබා පිටිගල , නිශාන්තන්, කේ.එච් නන්දසේන, ගාමිණී වික්‍රමසිංහ, ඩිල්ශාන් ද සිල්වා, නිලන්ත රත්නායක හා එෆ්. මහරූෆ් යන මහත්වරුන්.

මේ අතර සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපති ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා  පත්වීම් ලිපි ලබා දී තිබෙනවා. එහි සභාපති ලෙස පත්ව ඇත්තේ ඇන්ටනි ද සිල්වා විජේරත්න මහතායි.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 16:13
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්