ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය සදහා ඉදිරිපත්වී සිටි අයදුම්කරුවන් දෙදෙනෙක් නුසුදුසු බවට නිර්දේශ කර තිබෙනවා.
ඒ අනුව මොහාන් සිල්වා මහතා සහ රවීන් වික්‍රමරත්න මහතාට නිලවරණයට ඉදිරිපත් විය නොහැකි බවයි අභියාචනා කමිටුව තීරණය කළේ.
පසුගිය දෙසැම්බර් 07 වනදා දක්වා කි‍්‍රකට් නිලවරණය සදහා අයදුම්පත් කැඳවනු ලැබුවා.
ඉදිරිපත්වී සිටි අයදම්කරුවන් හය දෙනෙකුට විරුද්ධව අභියාචනා නිලවරණ කමිටුව වෙත විරෝධතා ඉදිරිපත්වූ බවයි ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් නිසි බලධාරි චූලානන්ද පෙරේරා මහතා ප්‍රකාශ කළේ.
එම විරෝධතා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් සලකා බැලීමට කටයුතු කළා.
ඉන් පසුව මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නෙ. විරෝධතා එල්ලවූ ජයන්ත ධර්මදාස, ශම්මි සිල්වා, බන්දුල දිසානායක සහ ලලිත් රඹුක්වැල්ල මහත්වරුන්ගේ විරෝධතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.