දොම්පේ – වනාලුව ප්රදේශයේදි සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලැබුවා.
ඒ අතර කාන්තාවක් ද සිටින බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ එම ප්රදේශයේම පදිංචි විවාහක යුවළක්. බහින්බස්විමක් දුරදිග යාම ඊට හේතුවයි.
වෙඩි තැබිම සිදුකළ සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිම සදහා පරීක්ෂණ කි්රයාත්මක බවයි පොලිසිය පවසන්නේ.