ශ්රී ලන්කන් හා මිහින් ලංකා ගුවන් සේවාවල හා ශ්රී ලන්කන් කේටරින් සමාගමේ දූෂණ හා අක්රමිකතා සෙවීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිල කාලය මැයි මස 30 වනදා දක්වා දීර්ඝකර තිබෙනවා.
ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනය ද නිකුත් කෙරුණා.
මෙම කොමිසමේ නිල කාලය අවස්ථා කිහිපයකදී දීර්ඝ කෙරුණා. එය අවසන්වීමට තිබුනේ ලබන 15 වනදායි.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා මෙම කොමිසම පසුගිය වසරේ පිහිටවූයේ ශ්රී ලන්කන් හා මිහින් ලංකා ගුවන් සේවාවලත් ශ්රී ලන්කන් කේටරින් සමාගමේත් සිදුවී ඇති බව පැවසෙන වංචා දූෂණ හා අක්රමිකතා සෙවීමටයි.