ඇමෙරිකාව වෙනිසියුලාවට එවා ඇති විදේශීය ආධාර වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මධුරෝ ප්රතික්ෂේප කර තිබෙනවා.
කොළොම්බියා දේශසීමාවේදී එම ආධාර සහිත ලොරි රථ ඇතුළු වීම වැළැක්වීමට වෙනිසියුලා හමුදාව කටයුතු කර තිබෙනවා.
වෙනිසියුලා ජනාධිපති නිකලොස් මධුරෝට එරට හමුදාවේ සහාය ලැබෙන බවයි වාර්තා වන්නේ.
එරට අන්තර්වාර ජනාධිපති ලෙස හදුන්වා ගන්නා විපක්ෂ නායක ජුවාන් ග්වයිඩෝ මීට පෙර ඇමෙරිකාවෙන් ආධාර ඉල්ලා සිටියා.
ග්වයිඩෝට සහාය පළකරමිනුයි ඇමෙරිකාව මෙසේ ආධාර එවා තිබෙන්නේ.
කෙසේ වෙතත් නිකොලොස් මධුරෝ එම ආධාර ප්රතික්ෂේප කර තිබෙනවා.