ශ්‍රී‍්‍ර ලංකා වෘත්තිය මාර්ගෝපදේශන ආයතනය අද විවෘත කරන බව රජය ප්‍රකාශ කළා. උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
ඒ පොළොන්නරුව ජාතික තරුණ සේවා සභා පරිශ්රයේදීයි. වෘත්තීය මාර්ගෝපදේශන ජාතික වැඩසටහනේ පළමු මධ්‍යස්ථානය ලෙස මෙය සැළකෙනවා. විරැකියා ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙමින් සියලු රැකියා පුහුණු හා සම්පාදන මධ්‍යස්ථාන ඒකරාශී කොට දියුණු තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ව්‍යවසායකයන් බිහිකිරීම මෙහි අරමුණයි. සියලු පුරවැසියන්ට තමන් තෝරාගත් වෘත්තීය මාර්ගයකට ප්‍රවිෂ්ඨවීමට ද මෙය පිටිවහලකි. රටපුරා ව්‍යාප්තවූ වෘත්තීය මාර්ගෝපදේශන ජාලයක් බිහිකිරීමට ද මෙමගින් හැකි වන බවයි රජය පෙන්වාදෙන්නේ.