උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමග පැවැත්වෙන සාකච්ඡාවට අනිවාර්යයෙන්ම සහභාගීවන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කළා.
දෙවැනි සාකච්ඡා වටය වියට්නාමයේදී පැවැත්වීමටයි තීරණය කළේ. ලබන 27වනදා සහ 28 වනදා සාකච්ඡා පැවැත්වෙන බව ධවල මන්දිරය තහවුරු කර තිබෙනවා. උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණයකට ගෙනඒම සම්බන්ධයෙන් දෙවන වටයේ සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කරන බවයි ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ.