ථේරවාදී බුදු දහම පිළිබද විශේෂ සමුළුවක් මියන්මාරයේදී පැවැත්වුණා.
ජනවාරි 25 වනදා සිට පෙබරවාරි 4 වනදා දක්වා මියන්මාරයේදී මෙම සමුළුව පැවැත්වුණේ කෝට්ටේ ශ්‍රී කල්යානි සාමග්රි ධම්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. උඩරට අමරපුර නිකායේ මහා නායක අතිපූජ්‍ය නුවරඑලියේ චන්ද්‍රජෝති, මධ්‍යම වයඹ දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය යටිරාවණ සීලානන්ද යන ස්වාමීන් වහන්සේ ද මෙම සමුළුවට එක්ව සිටියා. යැන්ගොන් නුවර අයුන්ග්සාත් තව්යා තතෝ භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය භදන්ත සද්ධර්මකීර්තිසාර ස්වාමීන් වහන්සේගේ ආරාධනාවකට අනුවයි මහා සංඝරත්නය මියන්මාරයට වැඩම කළේ. මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති නන්දිමිත්ර ඒකනායක මහතා ඇතුළු පිරිසක් මීට සහභාගී වුණා.