වත්මන් රජයේ අරමුණ වන්නේ ලක්ෂ 220 ක් වූ රටේ ජනතාවගේ සුබසෙත තහවුරු කිරීම බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/wvityeOa12Q”]
පැරා මලල ක්‍රීඩාවලින් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණය රැසක් අත්කර ගත් වර්ණකුලසූරිය අමිල ප්‍රෂන් ක්‍රීඩකයාට නව නිවසක් පිරිනැමීම වෙනුවෙන් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පැවති උත්සවයකට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. මොරටුව අගුලාන සයුරපුර නිවාස ව්‍යපාරය යටතේයි ඔහු වෙත මෙම නිවස ලබාදී ඇත්තේ. නිවසේ වටිනාකම රුපියල් ලක්ෂ 30 ක්. ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍යාංශය ලබාදුන් 26 වන නිවස මෙයයි. පසුගිය වසරේ ඉන්දූනිසියාවේ පැවති ආසියානු පැරා ක්‍රීඩා තරගාවලියේදී මීටර් සියය ප්‍රථම ස්ථානය මෙන්ම තවත් ජයග්‍රහණ රැසක් අමිල ප්‍රෂන් ක්‍රීඩකයා ලබා ගෙන තිබෙනවා.