විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.
ඇය ළඟ තිබී රුපියල් දෙලක්ෂ අනූ පන්දහසක මුදල් සහ විදේශ ගමන් බලපත්‍ර 40ක් හමු වී තිබෙනවා. පොලිසිය වැටලීම සිදුකළේ හොරණ මීමන ප්‍රේමතිලක මාවත ප්රදේශයේදීයි. ඇය හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.