මරණ දඬුවම ඉදිරි මාස දෙක තුළදී; අපරාධකරුවන් වෙනුවෙන් පෙනී නොසිටින්නැයි ජනපති ඉල්ලයි

දැනට ලැබී ඇති වාර්තා අනුව ඉදිරි මාස දෙක තුළදී මත් ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද අවධාරණය කළා.
ඉදිරියේදී ලංකාවේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේදී  අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් දඩුවම් පාලනය කිරීමට උත්සාහ නොකරන ලෙස ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ආයතනවලින්  කරුණාවෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා.එමෙන්ම විනයක් ඇති රටක් නිර්මාණය කිරීම සඳහා  සහය වන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලා සිටියා.

බරපතල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තා පිළිබඳ අදහස් දැක්වීමට අද(06)  ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී මෙම විශේෂ ප්‍රකාශය කරමින් වැඩිදුරටත් කියා සිටියේ අපරාධකරුවන්ට දඬුවම් දීමේදී මානව හිමිකම් ඉදිරියට දමාගෙන ඒවාට අකුල් නොහෙළන ලෙස ඒ සම්බන්ධයෙන් කථාකරන රටවලින් තමා ඉල්ලා සිටින බවයි.

[ot-video type=”youtube” url=”https://youtu.be/8dlyrLdRSpA”]