මේ කියන්න යන්නේ කොළඹ ඉදන් කිලෝ මීටර් දෙසිය පණහක් හැටක් විතර දුරක පිහිටි ස්ථානයක් ගැනයි.. හරියටම කියනවා නම් කොළඹ ඉඳලා කිලෝමීටර දෙසිය හැට පහක් දුරින්..
බල්ලන්ට බළල්ලුන්ට ආදරේ කරන අය ලෝකෙ ඕන තරං ඉන්නවා.සමහරු පණටත් වඩා තමන්ගෙ හුරතලාට ආදරෙයි. එහෙම මිනිස්සු ලෝකෙ ඉන්නේ අදක ඊයෙක ඉඳලා නෙමෙයි. මේ වගේ ආදර නටඹුන් ලෝක ඉතිහාසේ සමහර තැන්වල තියෙනවා. ඒව අද වෙන කොට ලෝක ප්‍රකට වෙලා, මිනිස්සු බලන්න එන යන තැන් වෙලා.
හැබැයි මේක මේ සත්තු ගැන කතාවක් නං නෙමේ. සත්තුන්ට අදාළ වෙනමම කතාවක්.මේ කතාවෙ ඉතිහාසය ගොඩක් පරණයි. වෙන විදියකට කියනවා නම් මේ ස්ථානය නිර්මාණය වෙලා තියෙන්නේ එක්දහස් නමසිය හතලිස් තුනේ.
මෙතැන තියෙනවා යටත් විජිත කාළයේ පෘතුගීසින් තමන්ගේ සුනඛයන් වෙනුවෙන් හදපු සොහොන්.
.මේ සොහොන් කීපය අද වනවිට කාළය හමුවේ අසරණ වෙමිනුයි ඉන්නේ. ඒ නිසා මේ මහලු වෙන මතකය මිය යන්න කලින් මේ තැන බලන්න එන්න.
සත්තු හුරතලයට හදන එක අදවගේම එදත් වෙන්න ඇති.ඒත් සාමාන්‍යයෙන් සතෙක් මැරුණම දාන දෙන්නෙ,පෙට්ටියක දාලා වළලන්නෙ එහෙමත් කෙනෙක්. ඒ නිසා මේවිදියට සුසාන භූමියක් හැදෙන්න විදියක් නෑ. මේක නිශ්චිත වැඩ පිළිවෙලක ප්‍රථිපලයක් වෙන්න ඇති.
ඒ විදියට ගත්තම ඉතාම පැහැදිළි වෙන කාරණයක් තමයි ඒ කාළෙ බල්ලන්ට රාජකීය පිළිගැනීමක් තිබුණාය කියන එක. එහෙම රාජකීය පිළිගැනීමක් නිකම්ම හම්බෙන්නෙ නෑනෙ. බල්ලෙක් උනත් රාජකීය වැඩකාරයෙක් වෙන්න ඕන.එතකොට මොකක් ද මෙයාලගෙ රාජකීය කම? රාජකීයකම තමයි මේ අය රජයෙ හමුදාවේ සේවකයන් වීම.
මේ බල්ලො එවකට රජයේ හමුදාවේ සේවකයො ලු.ඒ කරපු සේවයට කරන ඇගයීමක් විදියටයි සොහොන් කොත් ඉදිවෙලා තියෙන්නේ.හැබැයි දැං ඒවා කාලයත් එක්ක පරණ වෙමින් යනවා.අලුත් වැඩියාවක් වෙලා නෑ.හැබැයි කොහොම නමුත් ඔබ ත්‍රිකුණාමලය පැත්තට ඇවිදින්න එනවා නම් මේ බල්ලන්ගෙ සොහොනත් බලලම යන්න.
හරියටම තැන කියන්නම්.හොයාගන්න අමාරු නෑ.මුලින්ම එන්න ත්‍රිකුණාමලයට. ඊටපස්සේ යන්න ප්‍රකට ෆෙඩ්රික් කොටුව ට.එහෙම ගිහිල්ලා ෆෙඩ්රික් කටුව ඇතුලෙ හොයන්න මේ තැන හම්බවේවි එතකොට..
(අන්තර්ජාලය ඇසුරින්)