මහ කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන පන්දහසක මුදලක් වෙන්කර තිබෙනවා.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා ඒ සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා. වී සඳහා ස්ථාවර මිලක් පවත්වාගෙන යාමට සහ සාධාරණ මිලක් ලබාදීම සඳහා වී මිලදී ගැනිමේ වැඩසටහන දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මෙභෙයවීම යටතේ ක්‍රියාත්මක කිරීමයි සැලසුම.
වී අළෙවි මණ්ඩලය සහ දිස්ත්‍රික් සමුපකාර සමිති මඟින් සම්බා වර්ගවල වී සඳහා කිලෝ ග්‍රෑමයට රුපියල් 41ක මිලක් නියම කර තිබෙනවා. නාඩු සහ අනෙකුත් වර්ගවල වී සඳහා නියම කර ඇති සහතික මිල රුපියල් 38ක්.