ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සඳහා හිමිවන තරග ගාස්තුව පෙර වසරට සාපේක්ෂව සියයට 30 කින් මෙම වසරේදී ඉහළ නංවා ඇතැයි වාර්තා වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සදහා වාර්ශික කොන්ත්‍රාත්තුවෙන් හිමිවන මුදලට අමතරව තරගාවලි කොන්ත්රාත්තුවෙන්ද මුදල් ගෙවීම සිදුවනවා. මෙම වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එලෙස තරගාවලි වෙනුවෙන් සිදුකරන ගෙවීම පෙර වසරට සාපේක්ෂව සියයට 30 කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇතැයි වාර්තා වනවා. මේ පිලිබද එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් අප සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ ක්‍රීඩක කොන්ත්‍රාත් අත්සන් තැබීමේදී ගෙවනු ලබන දීමනා වැඩිකිරීමට පියවර ගත් බවයි. මේ අනුව ටෙස්ට් ක්‍රිකට් තරගයක් සදහා ඇමරිකානු ඩොලර් 7000 ක මුදලක් ක්රිඩකයෙකුට හිමිවන බව වාර්තා වනවා. එය ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 12 කට අධික මුදලක්. මේ අනුව නිමා වූ ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේදී ජේෂ්ඨ ක්‍රීඩකයෙක් ලබාගත් එක් ලකුණකට රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් හිමිවූ අවස්ථා තිබූ බව වාර්තා වනවා.