හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට යන අය ගොණු කළ අභියාචන පෙත්සම අභියාචානාධිකරණයේදී අද කැදවුවා.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදාදීමේ වැඩසටහනක් සදහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක් සාවද්‍ය පරිහරණය කළ බවට වන චෝදනාවට ඔවුන් වැරදිකරුවන් කෙරුණා. ඊට එරෙහිවයි මෙම අභියාචන පෙත්සම ගොණුකර තිබුණේ අදාළ පෙත්සම මාර්තු 08 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළා. පෙත්සමට අදාල නීතීපතිගේ ලිඛිත දේශන ගොනු කිරීමට මෙහිදී කල් ඉල්ලා සිටියා.