සාලියවැව නීලබැම්ම ගම්මානයේ අතුරුදන් වූ දැරියගේ මව පැය 24 ක කාලයක් රදවා ප්රශ්න කිරීමට පුත්තලම අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ සාලියවැව පොලීසිය කළ ඉල්ලීමකට අනුවයි. මේ අතර දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් දරුවාගේ මව , මිත්තනිය හා මිත්තනියගේ අනියම් ස්වාමිපුරුෂයා සැක සහිත බව දැරියගේ පියා සදහන් කරනවා.
පසුගිය 30 වනදා උදෑසන පෙරපාසල් රැගෙන යාමට සූදානම් කරමින් සිටින අවස්ථාවේදී තමන්ට ඇති වූ දැඩි කෝපය සමග දරුවාට පහර දී සිහි මුර්ජා වූ පසු කලා ඔයට විසි කළ බවට දැරියගේ මව වන 21 හැවිරිදි නයනා කුමාරි නමැත්තිය මින් පෙර පොලීසිය හමුවේ පාපොච්ඡාරණය කර තිබුණා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ තෙනුරි තිසාරා නමැති සිව් හැවිරිදි දැරියක්. පසුගිය දින 4 ක කාලය තුළ පොලීසිය හා නාවික හමුදාව ප්රදේශවාසීන්ගේ සහාය ද ලබා ගනිමින් දැරිය සෙවීමේ මෙහෙයුම්වල නිරත වුණා. මේ වන තෙක් දැරිය සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් සාලිය වැව පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනවා.
අතුරුදන්වූ දියණියගේ පියා ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=Qk43Ke_tqtw&feature=youtu.be&fbclid=IwAR1pVxDTNjCORg6u8J7lRbGVvtbWkqnZ0DQ8ghsC6xx3NPY3WTv8FirWmMA”]