සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර කැන්බරාහි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අවසන් වන විට දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කන්ඩායම කිසිවෙකුත් නොදැවී ලකුණු 17 ක් රැස් කර ගෙන සිටියා.
තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුළු 05ක් දැවී ලකුණු 534 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූවා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවි ලබාගත හැකි වුණේ ලකුණූ 215 ක් පමණයි. ඕස්ට්‍රේලියා කණ්ඩායම සිය දෙවන ඉනිමද කඩුළු 03 ක් දැවී ලකුණු 196 ක් රැස්කර සිටිදී ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහර දීමට භාර කළා. දිනය අවසන් වන විට තරගය ජයග්‍රහණය කිරීම සදහා කඩුළු 10 ක් අතැතිව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 499 ක් රැස්කර ගත යුතු වනවා. ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් අගනා පිති හරඹයක නිරත වූ උස්මාන් කවජා දෙවනි ඉනිමේදී නොදැවී ලකුනු 101 ක් රැස්කර ගත්තා. මේ අනුව මෙම තරගය තුළදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් රැස්කරගත් සිව්වැනි ශතකය එයයි. ජෝ බර්න්ස්, ට්‍රැවිස් හෙඩ්, කර්ටිස් පැටර්සන් මුල් ඉනිමේදී ශතක රැස් කළා. මුල් ඉනිමේදී දිමුත් කරුණාරත්න පන්දුවක් වැදීමේදී ආබාධයක ලක් වූ අතර ඔහුට දෙවනි ඉනිමේදී පන්දුවට පහරදීමට ශාරීරික යෝග්‍යතාවක් ඇති බවට වෛද්‍යවරුන් නිර්දේශ කළා. ඒ අනුව පිටියට පිවිසි දිමුත් කරුණාරත්න දිනය අවසාන වන විට නොදැවී ලකුණු 8 ක් රැස් කරගෙන සිටියා. පළමු ඉනිමේදී අංක 04 පිතිකරු කුසල් පෙරේරාගේ ද හිස් ආවරණයේ පන්දුවක් ගැටීමෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදුවුණා.