පළාත් සභා ක්රමයේ අඩුපාඩු, සාර්ථක අසාර්ථක භාවයන් හදුනාගනිමින් ශක්තිමත් පළාත් සභාවක් ගොඩනැගීමට එහි ආරම්භයේ සිටම මේ දක්වා කටයුතු පිලිබද අධ්‍යයනයක් සිදු කළ යුතුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මුදල් කොමිෂන් සභාවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පල කළා.
මුදල් කොමිෂන් සභාවේ නව සය මහල් ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ රාජගිරිය සරණ මාවතේ අංක 03 දරණ ස්ථානයේයි. සමරු ඵලකය නිරාවණය කර නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ මුදල් කොමිෂන් සභාව පිහිටුවා ඇත්තේ 1987 වර්ෂයේයි. 1988 වසරේ සිට එම කාර්යාලය විවිධ ස්ථානවලට මාරු වීම හේතුවෙන් එහි කාර්ය මණ්ඩලයට දුෂ්කරතා විදීමට සිදුව තිබුණා. 2016 වසරේ මුදල් කොමිෂන් සභාව නව ගොඩනැගිල්ල ස්ථාපිත කිරීම සදහා වැඩකටයුතු ආරම්භ කළේ එම දුෂ්කරතා මගහැරවිම සදහායි. මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස අමතමින් ජනාධිපතිතුමා පැවසුවේ වාර්ෂිකව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සංස්ථා වෙත යොමුකරන විගණකාධිපති වාර්ථාවේ නිර්දේශ එම ආයතන තුළ ක්‍රියාත්මක නොවීම ගැටළුවක් බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/hTxNM4gpBks”]