හිටපු එල්ටීටීඊ සාමාජිකයන් දොළොස්දහසකට අධික පිරිසක් පුනරුත්ථාපනය කර සමාජ ගතකර ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, මේජර් ජෙනරාල් ජනක රත්නායක මහතා පවසනවා. ඔවුන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීමටද වැඩසටහන් රැසක් ක්රියාත්මක කර ඇති බවයි ඒ මහතා පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/MeHyXqxaLsE”]
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා මෙම අදහස් පළකළේ පූන්තෝට්ටම් පුනරුත්ථාපන කදවුරේ පැවති උත්සවයකදීයි. උතුරේ පුනරුත්ථාපනය ලබා සාර්ථකව සමාජ ගතවූවන්ගේ පවුල් 15 කට කිරි ගවයින් ප්රදානය කිරීම මෙහිදී සිදුකෙරුණා. මෙවැනි පවුල් රැසකට මීට පෙරද ඔවුන්ගේ ජීවනෝපාය සදහා ගවයින්, කුකුළු පැටවුන්, එළුවන් සහ කෘෂි උපකරණ ආදිය මෙන්ම වෘත්තීය පුහුණුවද ලබාදී ඇති බව මෙහිදී හෙළිවුණා.