ශ්‍රී‍්‍ර ලංකා නාවික හමුදාව නිෂ්පාදනය කළ යාත්‍රා දෙකක් ෂී ෂෙල්ස් රාජ්‍ය වෙත භාරදීම අද සිදුවනවා. ඒ කොළඹ වරාය පරිශ්‍රයේදී.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ෂී ෂෙල්ස් උප ජනාධිපති වින්සන්ට් මෙරිටන් මහතා එම අවස්ථාවට එක්වන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරි සූරිය බණ්ඩාර මහතා සඳහන් කළේ.
මෙම යාත්‍රා අන්තර්ජාතික ප්‍රමිතියක් යටතේ නිෂ්පාදනය කර තිබෙනවා.
ශ්‍රී‍්‍ර ලංකා නාවික හමුදා තාක්ෂණය භාවිතයෙන් හා නාවික ඉංජිනේරුවරුන්ගේ අධීක්ෂණ යටතේ එම කටයුතු සිදුවූ බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වාදෙන්නේ.