හෙද හෙදියන් 1608 දෙනෙකුට අද(31) පත්විම් ලිපි ප්රදානය කළා. ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. අරලියගහ මන්දිරයේදි පත්විම් ලිපි ප්රදානය කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.
නවක හෙද හෙදියන් සෑම රෝහලකටම අනුයුක්ත කෙරෙනවා. සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම සදහා හෙද හෙදියන් හතලිස් දහස් අසු නවයක් අවශ්‍ය බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නෙ. එහෙත් දැනට සිටින්නේ තිස් පන් දහස් එකසිය තිස් හයක්. පන් දහසකට ආසන්න පිරිසක හිඟයක් පවතිනවා. දැනට හෙද විද්‍යාලවල නව දහසකට ආසන්න පිරිසක් හෙද පුහුණුව ලබන බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ. තවත් පිරිසක් හෙද සේවයට බඳවා ගැනිමේ සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි මාසයේ පැවැත්වෙනවා.