රුපියල් පන්දහසක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කළ විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම ප්රකාශකළා.
ඒ හොරොව්පතාන ප්‍රදේශයේදී. 6 ශ්‍රේණියට සිසුවෙකු ඇතුලත් කිරිම සදහා විදුහල්පතිවරයා රුපියල් දස දහසක අල්ලස් මුදලක් ඉල්ලා තිබෙනවා. ඉන් පන්දහසක් ලබාගන්නා අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි කොමිසමේ විමර්ෂණ නියෝජ්‍ය අධ්යක්ෂ රුවන් කුමාර මහතා සදහන් කළේ.