ඉන්දියාවට එරෙහි හතරවන එක්දින ක්‍රිකට් තරගය ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.
ඒ කඩුලු අටකින්. කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කන්ඩායම මුලින්ම පන්දු රැකීමටයි තීරණය කළේ. ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගත හැකිවුයේ ලකුණු 92 ක් පමණයි. පන්දු යැවීමේදී ටේරන්ට් බෝල්ට් කඩුලු පහක් දවාගත්තා. කොලින්ඩි ග්‍රෑන්ඩ් හෝම් කඩුලු තුනයි. පිලිතුරු ඉණිම ක්‍රීඩාකිරීම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කන්ඩායම පන්දුවාර 14යි පන්දු 4 ක් අවසානයේදී කඩුලු දෙකක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සම්පුර්ණ කළා. තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය ජයගැනීමට ඉන්දීය කණ්ඩායම දැනටමත් සමත්වී තිබෙනවා. තරගය පැවැත්වුණේ නවසීලන්තයේ හැමිල්ටන් හිදී.