දැව නිෂ්පාදනය සදහා අලුතෙන් වන වගා කිරිමට සැලසුම් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ දැව අවශ්‍යතාව වාර්ෂිකව සීග්‍ර ලෙස ඉහල යාමයි ඊට හේතුව.
ඒ අනුව වන වගා ස්ථාපිත කිරිම සදහා හෙක්ටාර පන්සියයක පමණ ඉඩම් හදුනාගෙන තිබෙනවා. ඒ වව්නියාව , කිලිනොච්චි , මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්වල. ව්‍යාපෘතිය ඔස්සේ දැව ඉල්ලුම සපුරාලීමට අමතරව ප්‍රාදේශීය වශයෙන් නව රැකියා අවස්ථා ලබාදීමට හැකිවීම ද විශේෂත්වයක්. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ව්‍යාපෘතියට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.