අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තරගයකදී ගුවන් හමුදා රග්බි කණ්ඩායම සමග පැවති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් කණ්ඩායම සමත්වුණා.
හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටියේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවති තරගයේ මුල සිටම ආක්‍රමණශීලී තරග රටාවක නිරත වූ හැව්ලොක්ස් ක්‍රීඩකයින් තරගයට පිවිසීමට කිසිදු අවස්ථාවක් නාවික හමුදා රග්බි කණ්ඩායමට ලබා දුන්නේ නැහැ. මේ අනුව පළමු අර්ධය නිමාවන විට හැව්ලොක්ස් කණ්ඩායම ලකුණු 14 ක් ලබා ගනිද්දී නාවික හමුදා කණ්ඩායමට ලබාගත හැකිවුනේ ලකුණු 06 ක් පමණයි. දෙවන අර්ධයේදීද ආක්‍රමණශීලී තරගරටාවක නිරත වූ හැව්ලොක්ස් ක්‍රීඩකයින් නාවික හමුදා කණ්ඩායමට එම අර්ධයේදී කිසිදු ලකුණක් ලබාගැනීමට ඉඩ ලබා දුන්නේ නැහැ. මේ අනුව තරගය නිමා වුණේ ලකුණු 35ට 6 ක් ලෙස පහසු ජයක් හැව්ලොක්ස් කණ්ඩායමට හිමිකර දෙමින්.