කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල නෙළුම් පොකුණ රඟහලේ දී අද(29) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
මේ සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් විශේෂ සේවයක් ඉටුකළ කලා ශිල්පීන් උපහාරයෙන් පිදුම් ලැබීමට නියමිතයි. මෙහිදී දිස්ත්‍රික් නියෝජනය වන පරිදි සිංහල, දෙමළ, මුස්ලිම් කලාකරුවන් කලා කාරිනියන් 200ක් දෙනා කලා උපහාර ලැබීමට නියමිතයි.
අද පැවැත්වෙන මේ කලා භූෂණ රාජ්‍ය සම්මාන උළෙල සඳහා කලාකරුවන් රැසක් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වීමට ආරාධනා ලබා තිබෙනවා.
34 වැනි වරට පවත්වන වාර්ෂික කලා භුෂණ රාජ්‍ය සම්මාන උළෙල නිවාස ඉදිකිරීමේ සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්වයි සංවිධානය කරන්නේ.