බ්‍රසීලයේ යපස් ආකරයකට සම්බන්ධ වේල්ලක් කඩා වැටීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 65 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 279 ක් බවයි බ්‍රසීල වාර්තා සදහන් කරන්නේ. බ්‍රසීලයේ බෘෘමඩින්හෝ වේල්ලයි මෙසේ කඩා වැටී ඇත්තේ. සියයකට අධික බ්‍රසීල හමුදා අංශ සහ ජාත්‍යන්තර මුදාගැනීමේ මෙහෙයුම් අංශ අතුරුදන් පිරිස සොයා මෙහෙයුම් සිදු තවරදුරටත් සිදු කරනවා. අධික මඩ සහිත ජලය ගලා යාම හේතුවෙන් අතුරුදන් පිරිස සෙවීම දුෂ්කර බවයි සහන සේවකයන් පවසන්නේ. මෙය බ්‍රසීල ඉතිහාසයේ සිදු වූ දරුණුතම ඛේදවාචකයක් ලෙස සැළකෙනවා