එංගලන්තය සමඟ පළමු ටෙස්ට් තරඟය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වුණා. ඒ ලකුණු 381 කින්.
පළමු ඉනිම වෙනුවෙන් කොදෙව්වන් සියලුදෙනා දැවී ලකුණු 289 ක් රැස්කළා. එහෙත් එංගලන්ත කණ්ඩායමට සියලුදෙනා දැවී පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 77 ක් පමණයි. දෙවෙනි ඉනිමට කොදෙව් කණ්ඩායම ලකුණු 415 ක් රැස්කළා. එංගලන්තය සියලුදෙනා දැවී දෙවන ඉනිම වෙනුවෙන් රැස්කළේ ලකුණු 246 ක් පමණයි. තරඟය පැවැත්වුණේ බාබර්ඩෝස් හි කෙන්සින්ටන් ඕර්වල් කී්රඩාංගනයේදීයි. දෙරට අතර තරඟාවලියට ටෙස්ට් තරඟ තුනක් එක්දින පහක් සහ 20 – 20 තරඟයක් ද ඇතුලත්.