හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්රදීප් කාරියවසම් මහතා නඩුවක වරදකරු වීමෙන් පසු ඔහුට ගෙවීමට නියමවූ දඩ මුදල අද (25) ගෙවා දැමුවා. ඒ කොළඹ ප්රධාන මහේත්රාත් අධිකරණයේදීයි.
ප්රදීප් කාරියවසම් මහතා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරද්දී එම බැංකුව මගින් ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීම තුළින් රුපියල් කෝටි 39කට අධික මුදලක් රජයට පාඩු කළ බවට අල්ලස් කොමිසම නඩුවක් ගොනු කර තිබුණා. එම නඩුවෙන් ඔහු වරදකරු කෙරුණේ පසුගිය නොවැම්බර් 26 වනදායි. එහිදී චෝදනා හතරකට පස් අවුරුදු සිර දඩුවම් නියම කළ අධිකරණය එය වසර පහකට අත්හිටවූවා. රුපියල් ලක්ෂ 3ක දඩ මුදලක් ගෙවීමට ද එහිදී නියම කෙරුණා. එම දඩ මුදලයි ඔහු අද (25) ගෙවා දැමුවේ.