හොරොව්පොතාන පොලිස් වසමේ කිරළාගල ඉපැරණි පුරා විද්‍යා භුමියේ නටබුන් චෛත්‍ය මත සිට ඡායාරූප ලබාගත් සැකකරුවන් හත් දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් එම ඡායාරූප සමාජ මාධ්‍ය ජලා ඔස්සේ පළකර ඇති බවයි පොලිසිය පවසන්නේ.
පුරා විද්‍යා පනත අනූව එම හත් දෙනා අත්අඩංගුවට ගත් බවයි මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ.සැකකරුවන් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.