වර්තමාන ආණ්ඩුව ගෙනැවිත් තිබෙන ව්‍යවස්ථා කෙටුම්පතට විරුද්ධවීම යනු සියලුම ව්‍යවස්ථා සංශෝධනවලට විරුද්ධවීම නොවන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා සදහන් කරන්නේ ඇතැම් දේශපාලන පක්ෂවලට තිබෙන බෙදුම්වාදී අදහස් තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ යැයි කියන පිටු 187 ක වාර්තාවක් සම්බන්ධයෙනුයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ. එම වාර්තාවෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විධි විධාන යොදා ඇති බව පවසන රාජපක්ෂ මහතා ඊට තමන් විරුද්ධ නොවන බව ද කියා සිටිනවා. පළාත් සභා හැකි තරම් බලවත් කර ආණ්ඩුකාරවරුන් සහ මහ ඇමතිවරුන් යටතට පත් කිරීම ද මේ හරහා යෝජනා කර ඇති බවයි විපක්ෂනායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ.