නවසීලන්තයට එරෙහි පලමු එක්දින ක්‍රිකට් තරගය ජයගැනීම සඳහා ඉන්දියාවට ලකුණු 158 ක ඉලක්කයක් හිමි වුණා. මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 38ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 157ක්. කේන් විලියම්සන් ලකුණු 64ක් ලබාගත්තා. පන්දු යැවීමේදී කුල්දීප් යාදව් ලකුණු 39කට කඩුලු හතරක් බිඳහෙළුවා. මොහොමඩ් සාමි ලකුණු 19 ට බිද හෙළු කඩුලු සංඛ්‍යාව තුනක්. එම කඩුලු සමග ඉන්දියාව වෙනුවෙන් කඩුලු සියයක් දවාගත් වේගවත්ම පන්දු යවන්නා බවට ඔහු පත්වුණා. ඒ සඳහා මොහොමඩ් සාමි ක්‍රීඩාකර තිබෙන්නේ තරග 56 කට පමණයි. මීට පෙර ඉර්ෆාන් පතන් තරග 59 කදි කඩුලු සියයක් ලබාගත් ඉන්දීය ක්‍රීඩකයා බවට පත්ව සිටියා. පිලිතුරු ඉණිම ක්‍රීඩාකරන ඉන්දීය කණ්ඩායම මේවන විට ලකුණු තිහක් රැස්කරගෙන සිටිනවා.