2024වර්ෂය වනවිට කොළඹ පැල්පත්වලින් තොර ශක්තිමත් නගරයක් කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළා.
නාගරික නිවාස ප්රශ්නය විසදීමේ පුළුල් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
2015 සිට මේ දක්වා නිවාස පහලොස් දහස් හත්සිය අනු නවයක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වනවා.
2020 වනවිට නිවාස විසිදහසක ඉදිකිරීම් අවසන් කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
සියපත් සෙවණ නිවාස සංකීර්ණයේ දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළකළා.
සියපත් සෙවණ ජනතා අයිතියට පත්කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මහල් නිවාස සංකීර්ණයේ දෙවන අදියර නිවාස ඒකක 266 කින් සමන්විතයි.