ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගනිමින් ක්‍රිකට් ඉතිහාසය වෙනස් කිරීමට අනගි අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබී ඇතැයි ක්‍රිකට් විචාරයකයින් පවසනවා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට(24) ආරම්භවීමට නියමිතයි. ඒ දිවා රාත්‍රී තරගයක් ලෙස බ්රිස්බෙන්හිදීයි. ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 08 යි 30 ට මෙම තරගය ආරම්භවීමට නියමිතයි. ඕස්ට්‍රේලියාවේදී දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් 13 ක් පැවත්වා ඇති අතර ඉන් කිසිදු තරගයක් ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකිව නැහැ. තරග 11 ක ජය ඕස්ට්‍රේලියාව සතුවී ඇති අතර තරග 02 ක් ජය පැරදුමෙන් තොරව නිමාවී තිබෙනවා. මෙම තරගයට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විශේෂ සැලැස්මක් යටතේ පිවිසෙන බව වේග පන්දු යැවීමේ පුහුණුකරු රුමේෂ් රත්නායක පවසනවා. රාත්‍රී කාලයේ වැඩි දෝලනයක් පැවතීම පිලිබද ක්‍රීඩකයින් හොද අවබෝදයකින් පසුවන බවත් ඔහු පවසනවා. වේග පන්දු යවන්නන් කෙරෙහි වැඩි අවධානයක් ශ්‍රී ලංකා කණ්ඩායම යොමුකර තිබෙනවා. තරගය වෙනුවෙන් කණ්ඩායම් දෙකම අද (23) පුහුණු සැසි සදහා එක්වුණා.