විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ විපක්ෂනායක කාර්යාලයේදී නිල වශයෙන් රාජකාරි ආරම්භ කළා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා නිල වශයෙන් රාජකාරි කටයුතු ආරම්භ කළේ ආගමික වතාවත්වලට මුල්තැන දෙමින්. විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර පාර්ලිමේන්තුවේදී පසුගිය නොවැම්බර් මස 14, 15 හා 18 යන දිනවල ඇති වූ සිද්ධීන් පිළිබඳ සොයා බැලීම සඳහා කතානායකවරයා පත් කළ කමිටුවේ වාර්තාව කතානායක කරූ ජයසූරිය මහතා වෙත භාර දීම අද (22) සිදුවුණා. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බිමල් රත්නායක හා මාවෙයි සේනාධිරාජා යන මහත්වරුන් අතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පාර්ලිමේන්තුව තුළ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට 6 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් කතානායකවරයා පත්කර තිබුණා.