එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව ලබන මස 12 වනදා කැදවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
වත්මන් ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ අත්සන් පසුගිය ජනාධිපතිවරණ සමයේ ව්‍යාජ ලෙස යොදා කූඨ ලේඛණයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමෙන් ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරත වූ බවටයි ඒ මහතාට චෝදනා එල්ල වී ඇත්තේ. අද මෙම නඩුව කල් තැබුණේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීපද සිල්වා මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ වෙනත් නඩුවක් සදහා පෙනී සිටීම හේතුවෙන්. අධි චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා මෙම නඩුව ගොණුකර තිබෙනවා.