ඇෆ්ගනිස්ථානයේ හමුදා මූලස්ථානයකට හා පොලිස් පුහුනු මධ්‍යස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
ප්‍රහාරයෙන් පුද්ගලයින් 30 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. හමුදා මූලස්ථානයට ඇතුළ්වීමට තැත් කළ තුවක්කුකරුවන් දෙදෙනෙකුට එරට ආරක්ෂක අංශ වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රහාරයේ වගකීම තලෙයිබාන් සංවිධානය භාරගෙන තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ පසුගියදා සිදු වූ මෙවැනිම ප්‍රහාරයකින් හමුදා නිළධාරීන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.