ඔන්ලයින් ක්‍රමයත් සමඟ සමාගම් ලියාපදිංචිය සදහා වැය වන පැය 96 ක කාලය පැයක් දක්වා අඩුවී තිබෙනවා. සමාගම් ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමේ දෙවන අදියර ආරම්භයත් සමගයි මෙම අවස්ථාව උදා වන්නේ.
නිසි පරිදි ලේඛණ සම්පූර්ණ කළ සමාගමක් ලියාපදිංචි කිරීම සදහා ගත වූ කාලය දින 04 ක්. එම කාලය පැයක් දක්වා අඩුකර ගැනීමට ඔන්ලයින් ක්‍රමය ආරම්භ කෙරුණේ අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ උපදෙස් මතයි. සමාගම් ලියා පදිංචි කිරීමේ කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලවයි ඔන්ලයින් ක්‍රමයට සිදු කෙරෙන්නේ. මෙවැනි ක්‍රියාවලියක් මුළු රටම ආවරණය වන පරිදි සිදු කෙරෙන දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බව අමාත්‍යවරයා පවසනවා. සමාගම් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමය වෙනුවෙන් රුපිල් මිලියන 57 ක මුදලක් වැය කෙරෙනවා. එය සමාගම් අරමුදල මගින් දැරීමට නියමිතයි.